මතක පත්‍රිකාවක් හදමු - How to make a Memory Sheet


ලිපිය සැකසීම :  චාන්දනී තෙන්නකෝන්

මතක පත්‍රිකාවක් සැකසීමේ ක්‍රමය ඉතා සරල ය. එමෙන් ම මේ සඳහා වැයවන්නේ කෙටි සටහන් සෑදීමට ගතවන කාලයට වඩා අඩු කාලයකි.

මතක පත්‍රිකා සැකසීමේ මූලික සිද්ධාන්තය නම්

‘මතකයේ තබාගැනීමට අත්‍යවශ්‍ය දේ නොලියා සිටිම’ යි.

උදා- ‘පැරණි ලංකාවේ ප්‍රධාන පාලන ඒකක හතරක් විය. ඒවා නම්, රජරට, රුහුණු රට, දක්ඛිණ දේශය හා මහා මලය දේශය යි.’ යන වැකිය මතක පත්‍රිකාවට ඇතුළත් කෙරෙන්නේ

පැරණි ලං. ප්‍රධාන පාලන ඒකක 4

1- 2- 3- 4- (13 p)

ආදී වශයෙනි.

මතකයේ තබාගැනීමට අවශ්‍යවන්නේ කවර කරුණ ද, එය නොලියා එය සිහිපත් වන ආකාරයේ ඉඟි සටහනක් යෙදිය යුතුය. එය ප්‍රශ්නාකාරයේ ඉඟියක් වුව ද වරදක් නැත. මීට අමතරව අදාළ කරුණ සඳහන් වන්නේ කවර පිටුවක ද යන්න ඒ ආසන්නයේ ම සඳහන් කළ යුතු ය.අවශ්‍ය නම් ඒ කවර පොතක ද යන්න කෙටියෙන් සඳහන් කළ හැක.

උදා- 12 p-භෞ.වි.i

ආදී වශයෙනි.

අත්හදා බලන්න මේ ක්‍රමය අනුව ඔබට උසස් ප්‍රතිඵල ලබාගතහැකි වනු ඇත.


Previous
Next Post »
Thanks for your comment