ඇගයීම් වාර්ථා කිව්වහම ගොඩක් අය දන්නව ඇති. නොදන්න කට්ටියට නම් මේක ගොඩක් වැදගත් වෙයි. දන්නවනේ විභාගෙදි paper එක අතට ලැබුන ගමන් සමහරු ගිරවු වගේ ලියාගෙන යනව ඒත් අන්තිමේට බලද්දි ලකුණු නෑ. අපි ගොඩක් අය කරන වැරැද්ද තමයි ඕනවට වැඩියෙන් ලියන්න යන එක. විභාගයකට මුහුණ දෙනකොට පළවෙනි නීතිය තමයි අත්‍යවශ්‍ය දේ කෙටියෙන් ලිවීම. බොරු වැල් වටාරම් ලියන්න ගිහිං තමයි ගොඩක් අය ඇනගන්නෙ. අන්තිමේට බලන කොට වෙලාව මදි. ඉතිං අපි මුලින් ම දැන ගන්න ඕන ප්‍රශ්නයකට ලකුණු දෙන්නේ කොහොමද කියන එක. මේකට ඇගයීම් වාර්ථා ගොඩක් ප්‍රයෝජනවත්.
2012 ඉඳන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් උසස්පෙළ ඇගයීම් වාර්ථ නිකුත් කරල තියනව.
2012 ඉඳන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් උසස්පෙළ ඇගයීම් වාර්ථ නිකුත් කරල තියනව.
යම් ප්‍රශ්න පත්‍රයක
- පිළිතුරු,
- ලකුණු දීමේ පටිපාටිය,
- ප්‍රශ්න තෝරගෙන ඇති ආකාරය,
- පිළිතුරු සැපයූ ආකාරය,
- කෙටි විවරණ,
- ප්‍රශ්න පත්‍රය පිළිබඳ නිරීක්ෂණ,
- නිගමන හා යෝජනා,
වගේ ප්‍රශ්න පත්‍රය පිළිබඳ අවශ්‍ය හැම දේම වගේ මේ ඇගයීම් වාර්ථාවල තියනව.
ප්‍රශ්නයක ලකුණු දෙන main points ටික අල්ලගත්තම ඒ වර්ගයේ ප්‍රශ්න ඕන එක්කට තමන්ගේ ක්‍රමේට කෙටියෙන් උත්තර නිර්මාණය කරගන්න පුලුවන්. ගුරුවරු උත්තර ලියන විදියටම හරි පොත්වල තියන විදියටම හරි උත්තර ලියන එක නෙවේ වැදගත් වෙන්නෙ. හැමතැනින්ම අවශ්‍ය කාරණ ටිකෙන් ටික එකතු කරගෙන උත්තර ලිවීමේ තමන්ගෙම කලාවක් හදාගන්න. සරල බව තමයි වැදගත් වෙන්නේ. ප්‍රශ්න පිළිබඳ කෙටි විවරණයකුත් ඇතැම් විට මෙහි අන්තර්ගත වෙනව. ගොඩක් ළමයින්ට අතපසු වෙලා තියෙන්නේ මොනවද කියන එකත් ඔයාට මෙමගින් තේරුම් කරල දීල තියෙන හින්ද තවත් ලෙහෙසියෙන් ඔයාගෙ ක්‍රමේ හදාගන්න පුලුවන්.
දැනට 2012, 2013 ඇගයීම් වාර්ථා අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත කරල තියනව. ඇත්තටම උසස්පෙළ ඉගෙනගන්න ඔයාට මේව ගොඩක් වැදගත්. ඇගයීම් වාර්ථා නිකුත් කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය අඟය කල යුතුයි. පහතින් Download කරල අනිවරෙන් ඔයා ඒව අධ්‍යනය කර්න්න. 2014, 2015 හා ඉදිරි අවුරුදු වල ඇගයීම් වාර්ථා ද නිකුත් වූ සැනින් උසස්පෙළ.com හරහ ඔයාට දැනගන්න ලැබෙයි. ඔයාගේ අදහස් ඔයාගේ අදහස්, යෝජනා වගේම ඔයාට උසස්පෙළ සම්බන්දයෙන් අපගෙන් අවශ්‍ය දේ පිළිබඳව පහතින් comment කරල යන්න. ඔබගේ අදහස් අපට ඉතා වටිනා දිරි ගැන්වීමකි. තවත් කෙනෙකුට මෙය වැදගත් වෙයි කියා ඔබට සිතෙනවානම් මෙය share කිරීමට කාරුණික වන්න. එය ඔබටත්, අපටත්, තවත් කෙනෙකුටත් ඉතා වැදගත් ය. ඔබට ජය!
ConversionConversion EmoticonEmoticon